NVQ 398 ස්ථීර සේවයට 

ලංකා විදුලිබල මණ්ඩලයේ ආධුනිකත්ව පුහුණුලාභීන් ලෙස බදවාගත් තුන්වන හා හතරවන කණ්ඩායමේ සේවකයින් 398 දෙනෙකු ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සදහා පසුගිය මාර්තු 01 සිට 05 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීය. එහි ප්‍රතිපල අනුව එම සේවකයින් ලංවිම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම විවිධ හේතු මත ප්‍රමාදවිය.

මේ පිලිබද අප සංගමය දිගින් දිගටම පාලනාධිකාරිය සමග සාකච්ඡා පැවැත්විය. එහි ප්‍රතිපලයක් ලෙස සියලු කටයුතු සිදුකර අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් අනුමැතිය සදහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව යොමුකරන ලදී. එයද විවිධ හේතු මත ප්‍රමාදවූ අතර අප සංගමය හා ලංවිම සභාපති ඇතුලු පාලනාධිකාරිය සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී මේ පිලිබද අවදානය යොමු කල අතර එහිදි සභාපතිතුමන් පොරොන්දුවූයේ මේ සතියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්කර ඒ සදහා අනුමැතිය ලබාදෙන බවයි.

ඒ අනුව අද පෙරවරුවේ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ අතර එහිදී මේ පිලිබද සාකච්ඡා කර තිබේ. අද සවස අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා ලංවිම උප සභාපතිතුමන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ පිලිබද කරුණු විමසූ අතර එහිදී එතුමා සදහන් කලේ ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් 398 දෙනෙකු ලංවිම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි. මේ පිලිබද එලඹෙන සදුදා මානව සම්පත් කළමනාකාරතුමිය සමග සාකච්ඡා කර කඩිනමින් පත්වීම් ලිපි ප්‍රධානය කිරීම පිලිබද අවදානය යොමු කිරීමට අප සංගමය අපේක්ෂා කරමු.

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 මැයි 05