සේවක ගැටලු පිලිබද සාකච්ඡාව

2019 වසරේ විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ විභාගය සමත්වූ සේවකයින් 87 දෙනෙකු සදහා සහ පෙර වසර වලදී විභාගය සමත්වි සම්මුඛ පරීක්ෂණ අසමත්වු 25 දෙනෙකු වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම , දැනට අත්හිටුවා ඇති විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ විභාගය පැවැත්විම හා ලංවිම සේවකයින් මුහුණදී ඇති ගැටලු පිලිබද සාමාන්‍යාධිකාරීතුමන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) ශාඛාවේ නිලධාරීන් සමග අප සංගමයේ සභාපතිතුමන් සාකච්ඡා කරන ලදී.

අත්හිටුවා ඇති විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ විභාගය යලිත් පැවැත්වීම පිලිබද පසුගියදා සාකච්ඡා කල බවත් එම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදෙන බවත් සේවකයින්ගේ ගැටලු පිලිබද අප වෘත්තීය සමිතියේ අදහස් හා යෝජනා ලිඛිතව යොමුකරන ලෙසත් ඉන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කරන ලදී.

ඉන් පසු ප්‍රමාදවූ විදුලි අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය පිලිබද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) ශාඛාවේ නිලධාරින් සමග සාකච්ඡා කරන ලද අතර එහිදී සදහන් කලේ සම්මුඛ පරීක්ෂණයට තෝරාගත් 112 දෙනාගේ රහස්‍ය වාර්තා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) වෙත යොමුකරන ලෙස ඒ ඒ මානව සම්පත් ශාඛා වෙත දැනුම්දී ඇති බවත් එහෙත් මෙතෙක් ලැබී ඇත්තේ සේවකයින් 26 දෙනෙකුගෙ රහස්‍ය වාර්තා පමණක් බැවින් ඒ පිලිබද අදාල සේවකයින් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම නිසා උක්ත සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් සම්පූර්ණ කර ඇති සියලූම සේවකයින් ඔබේ රහස්‍ය වාර්තාව කඩිනමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) වෙත යොමුකිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

එමෙන්ම පසුගියදා පැවති පාලන මැදිරි ක්‍රියාකරු තනතුරට අදාල සම්මුඛ පරීක්ෂණ ප්‍රතිපල එලඹෙන සතියේ ලැබීමට නියමිත බවත් ඉන් පසු සම්මුඛ පරීක්ෂණ සමතුන් වෙත පාලන මැදිරි ක්‍රියාකරු තනතුර පිරිනැමීම කඩිනමින් සිදුකරන බව අපකල විමසීමකට පිලිතුරු ලබාදෙමින් අදාල නිලධාරීන් සදහන් කරන ලදී.

උක්ත සියලු උසස්වීම් ලබාදෙන තුරු හා විභාගය සක්‍රිය කරනතුරු අප සංගමය අවදානයෙන් හා ක්‍රියාකාරීව කටයුතු ඉටුකරන බවත් පවතින ආර්ථික තත්වය මත සේවකයින් මුහුණදී ඇති උග්‍ර ආර්ථික ගැටලු හා රාජකාරි ගැටලු පිලිබද කඩිනමින් සාකච්ඡා කර විසදුම් සෙවීමටද අප සංගමය ක්‍රියාකාරීව දායකත්වය සපයන බව අවදාරණය කරමු.

මාධ්‍ය ඒකකය

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය

2022.04.21