NVQ සුරක්ෂිතබව

ලංකා විදුලිබල මණ්ඩලයේ ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ තෙවන කණ්ඩායමේ  384 ක් හා සිව්වන කණ්ඩායමේ බදවාගැනිමේදී ආධුනිකත්ව පුහුණු (NVQ 4) සහතිකය සහිත ලංවිම කොන්දේසි සම්පූර්ණ කල 14 දෙනෙකුගෙන් සමන්විත 398 වන පුහුණු කාලය සම්පූර්ණ කර වසර 2 ක් ඉක්මවා ඇති සේවකයින් ලංවිම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම ප්‍රමාදවීම පිලිබද අද දින සාමාන්‍යාධිකාරීතුමන් හා මානව සම්පත් කළමනාකාරතුමිය සමග අප සංගමයේ සභාපතිතුමන් සාකච්ඡා කරන ලදී.

මේ පිලිබද පසුගිය සදුදා (04/18) අප සංගමයේ සභාපතිතුමන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස් ) ශාඛාවේන් විමසීමක් කරන ලදී. එහිදී සදහන් කලේ උක්ත ස්ථීර සේවයට අනියුක්ත කිරීමට අදාලව ඉදිරි කටයුතු සදහා සාමාන්‍යාධිකාරීතුමන්ගේ අනුමැතිය ලැබී නැති බවයි. ඒ අනුව අද දින මේ පිලිබද සාමාන්‍යාධිකාරීතුමන් සමග සාකච්ඡා කල අතර පෙරේදා (04/19) පත්වීම්  දිනය සදහා අනුමැතිය ලබාදුන් බවත් කඩිනමින් අදාල සේවකයින් ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කරන බවත් ඉදිරි කටයුතු පිලිබද මානව සම්පත් කළමනාකාරතුමිය සමග සාකච්ඡා කරන ලෙසත් දැනුම් දෙන ලදී.

ඉන් අනතුරුව අප සංගමයේ සභාපතිතුමන් මානව සම්පත් කළමනාකාරතුමිය සමග මේ පිලිබද සාකච්ඡා කරන ලදී. එහිදී එතුමිය සදහන් කලේ පත්වීම් දිනය සහිතව පත්වීම් ලිපි සකස්කර අවසන් බවත් මේ සදහා වන අවසන් අනුමැතිය සදහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකර ඇති බවත් අද දින එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකලද අද දින හදිසියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අවලංගුවී ඇති බැවින් එලඹෙන සතියේ ඒ සදහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවත්  ඒ වහාම ආදාල සේවකයින් ලංවිම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අදාල පත්වීම් ලිපි ප්‍රධානය කරන බවත් සදහන් කරන ලදී.

ඉන් පසු රජයේ අස්ථාවරභාවය, මූල්‍ය ගැටලු ඇතුලු කරුණු නිසා අදාල පත්වීම් ප්‍රමාද කිරීම හෝ සේවයෙන් ඉවත්කිරීම පිලිබද පැතිර යන කටකතා පිලිබදව සාකච්ඡා කෙරෙනු අතර එහිදී එතුමිය අවදාරණය කලේ කිසි ලෙසකින් පත්වීම් ප්‍රමාද කිරීමට හෝ සේවයෙන් ඉවත්කිරීමක් සිදු නොවන බවත් ආධුනිකත්ව පුහුණුලාභී පත්විම යනු ලංවිම නව බදවාගැනිමක් නොවන බවත් එය අභ්‍යන්තර උසස්වීමක් බවත් මෙම සියලු පුහුණුලාභීන් ලංවිම තුල අනුමත සේවක ඛාණ්ඩයේ සිටින බැවින් කටකතා සම්පූර්ණ අසත්‍ය බව ප්‍රකාශ කරන ලදී. 

ඒ අනුව නුදුරේදීම 3 හා 4 කණ්ඩායමේ සුදුසුකම් සම්පූර්ණ කල සම්මුඛ පරීක්ෂණ සමත්වූ සියලුම සහෝදරයින් ලංවිම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය වනු ඇත. ඔවුන්ගේ පමාවූ කාල සීමාව සදහා වන  හිග වැටුප් හා අදාල අනෙකුත් සියලුම ගැටලු විසදෙන තුරු මෙන්ම අනෙකුත් සියලු කණ්ඩායම් කඩිනමින් ස්ථීර සේවයට බදවාගැනිම හා ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් කොල කෑලීවලට හා වචනවලට සීමා නොවී ප්‍රායොගිකවම  ඉටුකිරීම වෙනුවෙන් අප පෙනීසිටින බව යලි යලිත් සහතික වෙමු.

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 අප්‍රේල් 21