පවතින අයහපත් කාලගුණ තත්වය සමග හදිසි බිදවැටුම් යථාතත්වයට පත්කිරීමේ රාජකාරියේ නිරතව සිටියදි මීගහතැන්න හොරවල  ප්‍රදේශයේදී  විදුලි සැර වැදුනු ලංකා විදුලිබල මණ්ඩලයේ මීගහතැන්න පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කම්බිමාර්ගකරු රංග නවින් පෙරේරා සහෝදරයා නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇත. ඔහුගේ වම් අතට සහ පාද දෙක හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ

ජීවිතය පරදුවට තබා රට ජාතිය වෙනුවෙන් කැපකිරීම් කිරීමේ භාරදූර වගකිම ඉටුකිරීමේදි තුවාල ලැබූ ආදරණීය සොයුර ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

මාධ්‍ය ඒකකය 

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය