මීගමුවට වෙන්නප්පුවට අලුත් නීතියක්

ඊයේ(04) ලංවිම තාක්ෂණික සහෝදරයකු අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා මුණගැසී මීගමුව හා වෙන්නප්පුව විදුලි ඉංජිනේරූ බල ප්‍රදේශයන්හි සිදුවන සේවක පීඩාවන් පිලිබද දැනුවත් කරන ලදී. ඒ මොහොතේම මේ පිලිබද කඩිනමින් කරුණු සොයාබැලු සභාපතිතුමන් අදාල බලධාරීන්ගේ අවදානය යොමුකරවු අතර මෙම ගැටලුව නිසා අසරණ තත්වයට පත්ව සිටින සහෝදරයින් වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් ගැටලුව පිලිබද කරුණු විමසන ලදී. සියලු කරුණු ගොනුකරගනිමින් අප සංගමය අද දින ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් වෙත උක්ත ගැටලුව ලිඛිතව දැන්වූ අතර අප සංගමයේ සභාපතිතුමන් අද පෙරවරුවේ ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් මුණගැසී මේ පිලිබද සාකච්ඡා කරන ලදී එහිදී එතුමා පොරොන්දුවූයේ මේ පිලිබද කඩිනමින් සොයා බලා ගැටලුව නිරාකරණය කරන බවයි.

පසුව අප සංගමයේ සභාපතිතුමන් මේ පිලිබද  අතිරේක සාමාන්‍යාධිකාරී (බෙ.අංශ 01)  ජයවීලාල් මීගොඩ මැතිතුමන් මුණගැසී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එහිදීද එතුමා පොරොන්දුවූයේ මෙවනි අකටයුතුකම් තමන් අනුමත නොකරන බවත් මේ පිලිබද කරුණු සොයාබලා තාක්ෂණික සේවකයින්ට සාධාරණය ඉටුකරන බවයි. 

රටේ පිලිගත් හා ප්‍රමුඛම  ඉංජිනේරූ තාක්ෂණික ආයතනයවන ලංකා විදුලිබල මණ්ඩලය තුල ජාතික පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රමුඛ කාර්ය ඉටුකරන්නේ තාක්ෂණික සේවකයින් බව සැමට නොරහසකි.දිවයිනේ ඕනෑම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක හදිසි බිදවැටුම්,සේවා සැපයුම්,විසන්දි කිරීම් යන ඕනැම රාජකාරියක් සිදුකිරිමේදි කර්මාන්‍ත ශිල්පි, කම්බිමාර්ගකරු හෝ පුහුණු කාර්මික 2 තනතුරේ සේවකයකු සමග කාර්මික සහයක,ක.කා.ස හෝ පු.ක.කා.ස යන තනතුරක සේවකයින් දෙදෙනෙකු රාජකාරියේ යෙදවීම ලංවිම රාජකාරි පැවරීමේ සංයුතිය, ක්‍රමවෙදය,සම්ප්‍රදාය,කාර්යක්ෂමතාව හා රාජකාරි පහසුව යන සියලු කරුණු සලකා බලමින් ඉතිහාසයේ සිට සිදුවිය.  

මෙවැනි ක්‍රියාවලියක් හිටි හැටියේ අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට ඉංජිනේරූ මහතුන් තීරණය කිරීම නිසා අසරණ තත්වයට පත්වන්නේ පහල සේවකයින්ය . එම නිසා මෙවැනි ක්‍රියාවලින් තවදුරටත් නොවීමටත් දැනට මීගමුව හා වෙන්නප්පුව බල ප්‍රදේශ වල පවතින ගැටලුව කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් අප දිගින් දිගටම පෙනි සිටින බව අවදාරණය කරමු. 

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 මැයි 05