#UNITYofHEARTS 
Covid 19 වසංගත තත්වය, රට තුල පැවති දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය නිසා වසර දෙකක් පැවැත්වීමට නොහැකිවූ ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය 2022 දෙසැම්බර් 30 වන දින දෙහිවල එස්.ද.එස්.ජයසිංහ සමරු ශාලාවේදී පැවැත්වේ.

ඒ සදහා සහභාගීවන ලෙස අප සංගමයේ සියලූම සාමාජිකයින්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 

තැපැල් ගාස්තු හා මුද්‍රණ ගාස්තු ඉහල යාම හා මුද්‍රණ අමුද්‍රව්‍ය හිගය නිසා මෙවර  තැපැල් මගින් ආරාධනා පත්‍ර යොමුනොකරේ. 

ඔබට එදිනට අදාලව රාජකාරි නිවාඩුවක් හිමිවන අතර ඒ සදහා නිවාඩු අයදුම්පත්‍රයට ඇමිණීම සදහා  අවශ්‍ය ආරාධනා පත්‍රය https://drive.google.com/file/d/1PifcOLGOxtg3BwTfFhXFc7i1xNAWsSw_/view?usp=share_linke මගින් හෝ QR කේතය මගින් භාගත ( Download )කරගැනිමට හැකියාව ඇත. එමෙන්ම එදින න්‍යාය පත්‍රය ආරාධනා පත්‍රයේ ඇති QR කේතය Scan කිරීම මගින් භාගත( Download ) කරගැනීමට හැකියාව ඇත. රාජකාරි නිවාඩු අනුමත කිරීමට අවශ්‍ය ලිපිය සම්මේලනය පැවැත්වෙන දිනයේ ඔබ වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.  

අප සංගමයේ මධ්‍යම කාරක සභාව සදහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන සංගමයේ සාමාජිකයින් සිටි නම් https://drive.google.com/file/d/1rFtOuxoB2EHYbRHWLBRodpFbHg1h2kD1/view?usp=share_link මගින්,  www.cebtu.lk වෙබ් අඩවියෙන් හෝ අපගේ Cebtu App එක මගින් අයදුම්පත්‍රය භාගත (Download ) කරගෙන එහි උපදෙස් අනුව මෙම අයදුම්පත්‍රය පුරවා 2022 දෙසැම්බර් 20 දිනට පෙර " සම ලේකම් , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය , අංක 209, අටුලුගම , බණ්ඩාරගම ලිපිනයට යොමුකරන්න. තාක්ෂණික පහසුකම් නොමැති අප සංගමයේ සාමාජිකයින් වෙත පණිවිඩය ලබාදී ඔවුන් වෙත සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.අප සංගමයේ සියලු සාමාජික සියලු සාමාජිකයින් පහත Google Forms පිරවීමට කාරුණික වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdTdlHWsHYtr3dYP5oYs8RBG7IADaznnCw3D6FMQlgEC_hv-w/viewform?vc=0&c=0&w=1&flr=0

සම්මේලනය පැවැත්වේන දෙහිවල එස්.ද .එස් .ජයසිංහ සමරු ශාලවට අදාල ගමන් මාර්ගය.

https://maps.app.goo.gl/qUhwmHkwww1p9tCZ7

ලංවිම හදවත් එක තැනට එක මිටට රොද බදිමු........ සැමට ඇරයුම් 

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 දෙසැම්බර් 04