නව වැඩ බලන සාමාන්‍යධිකාරී පත්කෙරේ
ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අභිනව වැඩ බලන සාමාන්‍යධිකාරීවරයා ලෙස අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ - රැහැන් රහිත) ලෙස කටයුතු කල ඉංජිනේරු වසන්ත එදිස්සූරිය මැතිතුමන් පත්කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ 31 වෙනි සාමාන්‍යාධිකාවරයා ලෙස ඉදිරියේදී පත්වීමට නියමිත එතුමා දොන් මාර්ටින් ඉදිස්සුරිය මැතිතුමන් හා ගුණසිලි කාරියවසම් පරණවිතාන මැතිනියට දාව 1965 නොවැම්බර් 10 ගාල්ලේදි උපත ලද එතුමා කොලඹ අනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාවේදි උපාධිධාරීයකු වන එතුමා 1992 ජුනි 15 දින සපුගස්කන්ද විදුලි බලගාරයේ විදුලි ඉංජිනේරුවරයකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට එක්ව තිබේ.
සපුගස්කන්ද විදුලි බලාගාරය පුලුල් කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරු ලෙස කටයුතු කල එතුමා පසුව යාපනය විදුලි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය වසර කිහිපක් විදේශගතව සිට යලි ලංවිම සක්‍රිය සේවයට එක්වු එතුමා ප්‍රධාන ඉංජිනේරු (කොළඹ නගරය) ලෙස කටයුතු කල අතර පසුව ප්‍රධාන ඉංජිනේරු (වත්කම් කළමනාකරණ - සම්ප්‍රේෂණ හා තත්ව අධීක්ෂණ) ලෙස කටයුතු කරණ ලදි. ඉන් අනතුරුව එතුමා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වත්කම් කළමනාකරණ - සම්ප්‍රේෂණ හා තත්ව අධීක්ෂණ) ලෙසද කටයුතු කරන ලදී. 2024 ඔක්තෝබර් 06 වෙනි දින අතිරේක සාමාන්‍යාධිකාරි (සම්‍ප්‍රේෂණ - රැහැන් රහිත) තනතුරට පත්විය.
අද (22) සිට වසරකට ආසන්න කාලයක් ලංවිම සාමාන්‍යාධිකාරිවරයා ලෙස වගකීම් උසුලන එතුමාට ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර තුල ගැටලු සාධනීය ලෙස විසදමින් , සේවකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හා ඔවුන්ගේ කැපකිරීම් වෙනුවෙන් යහපත් තීරණ ගනිමින් මෙරට මහජනයාට හා රටේ ආර්ථිකයට බරක් නොවී ශක්තිමත් පලදායි ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා.
එතුමන්ට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති හා සියලු ලංවිම සේවකයින්ගේ උණුසුම් සුභපැතුම් පිරිනමමු.
අපගේ තොරතුරු සමග යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC
මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)
Whatsapp & Hotline- 0704444900
Whatsapp Channel https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email- techniciansunion@gmail.com
Web - www.cebtu.lk

