ලංවිම විරුවෙක්ට පාර්ලිමේන්තු වරම්.
සියලු වෘත්තීය සමිති නායකයිනි , ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි.
ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (14) සාමකාමීව නිමාවට පත්විය.
මෙවර මැතිවරණයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන සහෝදරයින් කිහිප දෙනෙකු දිස්ත්‍රික්ක කිහිපයකට තරග කරන ලදි.
ඒ අනුව ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වරට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික සේවකයකු ලෙස රාජකාරි කල සහෝදරයකු අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගය කණ්ඩායම් නායකයා ලෙස තරගකල ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපති ප්‍ර.ඉ. යාපනය යටතේ කුඩා දූපත් බලාගාර ඒකකයේ කාර්මික සහයක තනතුරේ සේවය කල කරුනානාදන් ඊලන්කුමරන් සහෝදරයායි. අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් පිදුම් ලද ආදරණීය කුමරන් සහෝදරයාට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති හා සියලු සහෝදර සහෝදරියන්ගෙන් උණුසුම් සුභපැතුම් පිරිනමමු.
ශ්‍රී ලාංකිය දේශපාලන වංශකතාව තුල දකුණේ තනි දේශපාලන පක්ෂයක දේශපාලන ව්‍යාපාරයක් වෙත යාපනය දිස්ත්‍රික්කය ඉහලින් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය විශිෂ්ඨ නායකත්වය ලබාදුන්නේ කුමරන් සහෝදරයායි. මනාප ජන්ද 32102 ලබාගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ පලමු තැනට පත්වීමට ඔහු සමත්විය. වසර 76 තිස්සේ යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලනය කරමින් ශක්තිමත් බල කදවුරු ගොඩනඟාගෙන සිටි පාරම්පරික දේශපාලන නායකයින් සියල්ල අභිබවා යමින් ලාංකිය දේශපාලනයේ නව පිටුවක් පෙරලීමට කුමරන් සහෝදරයා සමත්විය.
කුමරන් සහෝදරයා මිරිසුවිල් උස්සන් රාමනාදන් මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත. ලංවිම මිනිස්බල සේවකයින් ස්ථීර කිරීමේ සටනේ පුරෝගාමියකු ලෙස ඉදිරිපෙළ සටනකල ඔහු 2016 වසරේ ලංකා විදුලිබල මණ්ඩලයට එක්විය. පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු මෙවර යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය කණ්ඩායම් නායකයා ලෙස මැතිවරණ සටන මෙහෙයවන ලදී.
යාපනයේ පිලිගත් මධ්‍යම පාන්තික පවුලක්වන වෙට්‍රිවේලු කරුනානාදන් හා කරුනානාදන් සතියරූභවති යන දෙපලට දාව 1990 මැයි 29 මිරිසුවිල් උස්සන් ග්‍රාමයේ උපන් කුමරන් සහෝදරයා 05 කුගෙන් යුතු පවුලේ සිව්වැනියා වේ. පියා මිරුසුවිල් උතුර (විශ්‍රාමික ) ග්‍රාම නිලධාරිවරයෙකි (අභාවප්‍රාප්ත වී ඇත) , වැඩිමහල් සහෝදරිය හා ඇගේ සැමියා වෘත්තීයෙන් වෛද්‍යවරුන් වන අතර ඔවුන් හා කුමරන්ගේ බාල සහෝදරයා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වෘත්තීයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකි අනෙක් සහෝදරයා වෘත්තීයෙන් ප්‍රමාණ සමීක්ෂකවරයෙක්ද වේ.
මෙරට දේශපාලනය මෙන්ම ලංවිම ඉතිහාසය වෙනස්කල ආදරණීය කුමරන් සහෝදරයා වත්මන් රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධුරයකින් පිදුම් ලබනු ඇතැයි අප අපේක්ෂා කරමු.
අපගේ නවතම තොරතුරු යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC
ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න
මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)
Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk