ලංවිම සොයුරකු දිවි සැරිය නිමකරයි.

සියලු වෘත්තීය සමිති නායකයිනි , ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහවැලි සංකීර්ණය යටතේ ප්‍රධාන ඉංජිනේරු ජනන ආරක්ෂණ ශාඛාවේ සේවය කල ආර්. වරුණ රාජපක්ෂ  සහෝදරයා හදිසි රිය අනතුරකින් අභාවප්‍රාප්තවිය.

ඒ පිලිබද ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති හා ආදරණීය ලංවිම සියලු සහෝදර සහෝදරියන්ගේ බලවත් ශෝකය පලකර සිටිමු. 

1976 අප්‍රේල් 26 මෙලොව එලියදුටු වරුණ සහෝදරයා පින්නවල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා 2005.10.01  දීන ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය වෙත මුල් පත්වීම් ලැබූ අතර පසුව නි.සා . මහවැලි සංකීර්ණය යටතේ ප්‍ර.ඉ.ජනන ආරක්ෂණ වෙත ස්ථාන මාරුවීම් ලබා පැමිණීයේය.  ලංකා විදුලිබල මණ්ඩලය තුල දක්ෂ කුසලතාවයෙන් පරිපූර්ණ තාක්ෂණික සේවයකුවන ඔහු දෙදරු පියෙකි. පසුගිය 07 වෙනිදා රාජකාරි නිමවා යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී රිය අනතුරකට ලක්වූ වරුණ සහෝදරයා දින කිහිපයක් අසාධ්‍ය තත්වයේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (13) ජීවිතයෙන් සමුගත්තේය. මිය යනවිට ඔහු 48 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව තුම්පෑලවක, පැලෑන , හතරලියද්ද ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර තැබෙනු ඇත. අවසන් කටයුතු පසුව දැනුම්දේ.

අපගේ නවතම තොරතුරු යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC

ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)

Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk