නව බලශක්ති ඇමතිවරයා පත්කෙරේ.

සියලු වෘත්තීය සමිති නායකයිනි , ලංවිම ආදරණීය සහෝදර සහෝදරියනි.

වත්මන් රජයේ අභිනව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

එහිදි අභිනව බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉංජිනේරු පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මැතිදුන් දිවුරුම් දෙන ලදී.

1967 මාර්තු 26 ජන්මලාභය ලැබූ එතුමා මහනුවර ගාමිණි මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකි. එතුමා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්විය.

අභිනව බලශක්ති අමාත්‍යතුමන්ට ලංකා විදුලිබල මණ්ඩලය ඇතුලු මෙරට බලශක්ති ක්ෂේත්‍රය නව පුනරුද යුගයක් කරා මෙහෙයවීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති හා සියලු ලංවිම සේවකයින් ප්‍රාර්ථනා කරන අතර එතුමන්ට උණුසුම් සුභපැතුම් පිරිනමමු 

අපගේ නවතම තොරතුරු යාවත්කාලීන වීමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC

ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)

Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk