ගැටලු කිහිපයකට විසදුම්

ආදරණීය ලංවිම සහෝදර සහෝදරියනි.

ලංකා විදුලිබල මණ්ඩලය තුල ස්ථානමාරුවීම් මණ්ඩල නතරකර ඇති පසුබිමක පසුගියදා බස්නාහිර පලාත දකුණ 02 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා විසින් බ.ප.ද.02  යටතේ වසර 5 ක් ඉක්මවු සේවකයින්ට ස්ථානමාරුවීම් අයදුම් කිරීමට ලිපියක් නිකුත්කර තිබේ. එම ලිපිය පිළිබද අද පස්වරුවේ අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා හා ප්‍රවාහන සේවක සමිතියේ ලේකම් බන්දුල වලිසුන්දර සහෝදරයා ලංවිම සාමාන්‍යාධිකාරීතුමා දැනුවත් කරන ලදී.  එහිදී සාමාන්‍යාධිකාරීතුමා සදහන් කලේ මේ පිළිබද කඩිනමින් පියවර ගෙන මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවයි. 

මේ අතර අද පස්වරුවේ අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) සමග අධිකාරි (අභ්‍යන්තර බදවාගැනීමේ ) විභාගය පිළිබද හා දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ උසස්වීම් ගැටලුව සාකච්ඡා කරන ලදී. 

එහිදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා සදහන් කලේ 2025 ජනවාරි මස 03 වන සතිය වනවිට අධිකාරි විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ඉන් පසුව අප සංගමයේ සාමාජික හෝ තනතුරේ  නොවුනද ලංවිම වෙත කිසිදු ක්‍රමවේදයක නොමැතිව බඳවාගෙන ඇති දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ උසස්වීම් ගැටලුව පිලිබද විමසන ලදී. එම ගැටලුව පිලිබද දිගින් දිගටම සාකච්ඡා කල අතර එහි ප්‍රතිපලයක් ලෙස පසුගියදා සාමාන්‍යාධිකාරීතුමා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්)හමුවි එකගතාවයන් රැසකට එලඹීය. එහි ප්‍රතිපලයක් ලෙස අද පෙරවරුවේ සාමාන්‍යාධිකාරීතුමා , අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්  ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) හා ලේඛකාධිකාරීතුමිය අතර සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස සියලු දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් වෙත එකම දිනයක තරග විභාගය පැවැත්වීමට තීරණය කරන ලද බව දැනුම් දෙන ලදී. ඒ අනුව ජනවාරි මස අදාල විභාගය පැවැත්වීමට කටයුතු කරන බව සදහන් කලේය. එහිදී එම විභාගයට පෙර උක්ත තනතුරේ සේවකයින් වෙත පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරන ලෙස අප සංගමයේ සභාපතිතුමන් ඉල්ලිමක් කරන ලදී. එහිදී එතුමා සදහන් කලේ ඒ පිළිබද දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ සංගමය හා සේවකයින් සමග සාකච්ඡා කර දැනුම්දීමක් කරන ලෙසත් ඒ අනුව ආයතනික ක්‍රමවේදය අනුව අදාල පුහුණු වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදන බවයි.

අපගේ නවතම තොරතුරු යාවත්කාලීන විමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC

ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)

Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel -  https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk